වයඹ පළාත් සභාවේ හිටපු අමාත්‍ය සහ එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන වයඹ පළාත් සභා මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් විපක්ෂයට එක් විය.
එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය ඇරැඹු තමන් පසුව ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමේ කාර්යට සහය දැක්වීම සඳහා ජනපතිතුමන් හා එක්වුවත් වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව තව දුරටත් රජය හා කටයුතු කිරීමේ හැකියාව නැතැයි වඩිගමංගාව මහතා පැවසීය.


