හෙළ සිරිතයි එදා ගමයි යන තේමාව යටතේ අස්වනු නෙළීමේ මංගල්‍යයක් 04 දා සවස ගිරිබාව - සෝලවැව යාය 05 වෙල් යායේදී පැවැත්විණි.
ප්‍රදේශයේ තරැණ පිරිස එකමුතුවෙන් ගොඩනැගුණු ප්‍රදීපා ලෝක සංසංදය සංවිධානය කළ මෙම වැඩ සටහන යටතේ , ඉපැරණි සම්ප්‍රදායන් අනුව ගොයම් කැපීම ,කැට කඳු ගැසීම, කමතට කොළ ඇදීම , කොළ ගොඩ ගැසීම , කොළය මී ගවයින් යොදා මැඩඩීම , මැඩුවන් බැත රාහි කිරීම , බැත සුද්ධ කිරීම, ගෙවිලියන් ඇඹුල ගෙන ඒම ඇතුලු එදා කුඹුරේ සිදු කළ සියලු දේ ඒ අයුරින් දැක ගැනීමට අවස්ථාව ලැබිණි.
ඉපැරණි ගොවි උපකරණ ඇතුළත් ප්‍රදර්ශනයක් ද විය. සඳගල රඡමහා විහාරධිපති කිරින්දේ චන්ද්‍රරතන හිමියෝ ද හා පරිසරවේදී තිලක් කන්දේගම මහතාද එහි වුහ













