වට්ටෝරුවක් නැතිව සැර බෙහෙත්දී හිරේ ලගී


(එස්.ජී.උබේපාල සහ ශ්‍රීනාත් ප්‍රසන්න)

වලංගු බලපත්‍රයක් නොමැතිව ඖෂධ විකිණීම සහ ගබඩා කිරීම , ඖෂධවේදියකුගේ සෘජු අධීක්ෂණයකින් තොරව ඖෂධ මුදලට විකිණීම , වෛද්‍ය වට්ටෝරු නොමැතිව ඖෂධ නිකුත් කිරීම යන චෝදනා යටතේ මැදවච්චිය පුද්ගලික ෆාමසියක් තාවකාලිකව වසා මුද්‍රා තැබීමට මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් වසන්ත සිරි වටගොඩ මහතා මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත  නියෝග කළේය.

පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් දීර්ඝ කාලයක සිට මත් පෙති අලෙවි කරමින් සිටින බවට ලද තොරතුරු මත මෙම ෆාමසිය ඉලක්ක කර ගනිමින් දිගෙන් දිගට බුද්ධි අංශ විසින් වැටලීම් සිදු කර ඇත.

මෙම වැටලීම ඒ අනුව පෙරේදා(14) දින නාවික හමුදා බුද්ධි නිලධාරින් විසින් සිදු කර ඇති අතර අනතුරුව අනුරාධපුර පිහිටි ආහාර හා ඖෂධ පරික්ෂක නිලධාරින් දැණුවත් කර ඇත.

 මෙම පුද්ගලික ඖෂධ අලවිසැල පරික්ෂා කිරීමේදී Prigabalin 150mg වර්ගයේ අධි වේදනා නාශක ඖෂද 11000 ට ආසන්න ප්‍රමාණයක් හමුවී ඇත. ඒ අනුව අත් අඩංගුවට පත් වූ එම ඖෂද අලෙවි කළ මංගල පුෂ්පකුමාර තෙන්නකෝන් නැමති සැකකරු මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් අනතුරුව ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.