වටවල දැරිය හදාගන්න සීයක් පෝලිමේ


හැටන් බෝක්කුවක් යටින් සොයාගෙන වටවල රෝහලට බාර දුන් දැරියගේ බාරකාරත්වය ඉල්ලා සියයකට වැඩි පිරිසක් රෝහලෙන් විමසීම් කර ඇත.

ඇයට අවශ්‍ය රෙදිපිළි හා කිරිපිටි වර්ග ද සැපයීමට බොහෝ දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

මව සොයා ගත නොහැකි වූ බව පරිවාස නිලධරයෝ හැටන් මහේස්ත්‍රාත්ට කීහ.

මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේ දැරිය උඩපේරාදෙණිය ටිකිරි ළමා නිවාසයට බාර දෙන ලෙසයි.

ඉපදී දවසකට පසු අතහැර දැමූ මේ දැරිය මූලික ප්‍රතිකාර කිහිපයක් සදහා තවත් දින කිහිපයක් රෝහලේ සිටිය යුතු බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී අයේෂා ශ්‍යාමලී වෙත්තසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.