වටරැක විජිත හිමියන් දමා ගිය ස්ථානයට මදක් නුදුරින් ඒ හිමියන්ගේ අඳනයක් සොයා ගත් බව පොලීසිය පවසයි.
සිවුරකින් ඉරා ගත් සිවුරු කඩකින් ඒ හිමියන්ගේ අත් පා බැඳ තිබූ බව බණ්ඩාරගම කිඳෙල්පිටිය පාරේ හිරණ බොල්ගොඩ ගඟ අසල ඒ හිමියන් දමා ගොස් සිටියදී දුටු රියදුරෙකු පොලීසියට ඒ බව දන්වා ඇතැයිද දැනගන්නට ඇත.
මුනින් අතට වැටී සිටි ඒ හිමියන්ගේ කකුලක් සෙළවෙනු ඔහු දැක ඇත.
වටරැක හිමියන්ට පහර දී ඇති බව පොලීසිය කියයි.

