වටරැක හිමි හැරමිටියට කැත්තක් අරං රැස්වීමට වැඩලා


මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් කැත්තක් රැගෙන මාසික සභා රැස්වීමට පැමිණි නමුත් පොලිසිය  කැත්ත පොලිස් භාරයට ගත්තේය.

සභාපති ඩබ්ලිව් එම් සුනිල් මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභාවාරය පැවැත්වූ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සුනිල් විජේතුංග මහතා ගැනී සිට විජිත හිමියන්ගේ ක්‍රියා කළාපය විවේචනය කළේය. රටේ ආගමික සමගිය ඇතිවන සේ ක්‍රියා කරන ලෙස ඔහු විජිත හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

මින් ඉදිරියට ලජ්ජා සහගත දේ සිදු කිරීමෙන් වලකින්නැයි සභාපති සහ විපක්ෂ මන්ත්‍රීවරු ද ඒ හිමියනයට කීහ.

සභාවාරය අවසන් වී මාධ්‍යයට අදහස් දැක්වූ විජිත හිමියෝ මෙසේ ද කීහ.

‘සැත්කමකින් පසු මා ඇවිදින්නේ අමාරුවෙන්. ඇවිදින්න අමාරු නිසා දොරමුල්ලේ තිබුණු ලීයක් ගත්තා හැරමිටිය විදියට. එය වාහනේ දාගෙන ආවා.එය මන්නා කැත්තක්ද කියා මා දැක්කේ නෑ.

මෙත්තා, කරුණා, උපේක්ෂා මම දේශනා කරන්නේ බුදුන්ගේ ධර්මයයි. කිසිවකු මරන්නවත්, කැතිගාන්න නෙවෙයි මේ කැත්ත ගෙනාවේ. එහෙම කරන්නේ බොදු බල සේනාවේ අයයි. ‘

WATARAKA-@-MAHIYANGANA-(2) WATARAKA-@-MAHIYANGANA-(3) WATARAKA-@-MAHIYANGANA-(4) WATARAKA-@-MAHIYANGANA-(6)