වටරැක හිමි සිව් වැනි සික පදය කැඩුවැයි නඩු?


මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියන් පොලීසියට අසත්‍ය ප්‍රකාශ දුන්නැයි උසාවියට වාර්තා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  කියයි.

ඒ හිමියන්  අත පය බැඳ  දැමු ආකාරයෙන් පසුගිය දා බොල්ගොඩ ගඟ අසල දමා ගොස් තිබිණි.

විජිත හිමියන්ගේ ජනනේද්‍රීයේ චර්මය  නියපොතු කපනයකින්  කපා ඇති බවට  වෛද්‍ය වාර්තා වලින් කියැවෙන්නේ යැයි ද දැනගන්නට ඇත.

එම පදෙසේ සෙසු සුළු සීරීම් වැනි තුවාල ද එක්කෝ ඒ හිමියන් විසින්ම කර ගන්නට ඇතැයිද එසේ නැතිනම් වෙනත් කෙනකු ලවා කරවා ගන්නට ඇතැයි ද කියැවෙන තොරතුරු ගැන තව දුරටත් සොයා බලන බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඒ හිමියන් සොයා ගන්නා විට මත් පැන් ගඳ වහනය වු බව ද පොලිස් වාර්තාවේ සඳහන් විය.