වජිර ලඟදි ’පොහොට්ටුව’’ ලස්සනයි


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වජිර ගේ කතාව අහන පොහොට්ටු මන්ත්‍රීවරුන් ඉතා ලස්සන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වජිර අබේවර්ධන මහතා  අය-වැය විවාදයේ අදහස් දක්වමින් සිටින අතර නැගී සිටි දයාසිරි ජයසේකර මහතා මේ බව කීය.

"බලන්නකෝ වට කරගෙන ඉන්න ලස්සන" යනුවෙන්ද දයාසිරි ජයසේකර මහතා කීය.

වජිර අබේවර්ධන මහතා:-(එජාප)

"ඉතින් ඔයත් පොහොට්ටුවෙ නේ. ඔයත් එන්න කෝ, එතකොට තව ලස්සනයි"