පානදුර තන්තිරිමුල්ලේ වගුරු බිමක ගෑස් සිල්න්ඩර් 05ක් යොදාගෙන කසිප්පු පෙරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලීසිය කියයි. කසිප්පු මිලි ලීටර් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් සහ ගෝඩා මිලි ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. පොලීසිය වැඩි ප්‍රමාණයක් වනසා නඩු පැවරීම සඳහා සාම්පල ගෙන ආවේය.







