වගුරු බිමේ දැරියත් මරුට


ඇමෙරිකාවේ ඉන්දියානා, කෙන්ටාකි හා ඔහියෝ  පළාත් හි ඇති වූ දරුණු සුළි කුණාටුවෙන් 39 දෙනෙක් මරුමුවට පත්වූහ. තිස් නම වැනියා ලෙසින් පැය 48කට පසුව මියගියේ එන්ජල් බබ්කුක් (මාස 15) දැරියයි. ඉන්දියානා පළාතේ ඇය සිටි නිවස සුළි කුණාටුවෙන් බිමට සමතලා විය. එහිදී ඇයගේ මව පියා සහෝදරයින් දෙදෙනා එතැනම මිය ගියහ. එන්ජල් බිලිඳිය හමු වූයේ  නිවසේ සිට කිලෝ මීටර් 16ක් ඈත වගුරු බිමකිනි. බරපතල තත්ත්වයේ සිටි ඇගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් ගත් උත්සහාය අසාර්ථක විය. දැරියගේ මොළයට බරපතල හානි සිදුවීම නිසා ඇය බේරාගත නොහැකි වූ බව වෛද්‍යවරු කියති.