වගාවෙන් මාටියා ගැසූ රොත්තකට දඩුවම්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම අංශ නවීකරණ  ව්‍යාපෘතියේ  අක්‍රමිකතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට  කරුණු වාර්තා කිරීමට  පියවර ගෙන ඇති බවත්  එම අක්‍රමිකතාවලට සම්බන්ධ  සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වැවිලි  සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ගාලු දිස්ත්‍රික්  මන්ත්‍රී නිශාන්ත පෙරේර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සමන්ත විද්‍යාරත්න මහතා මෙසේද පැවසීය.

කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය  2017 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ක්‍රියාත්මක වුණා.  මේකට ලෝක බැංකුවෙන් තමයි ආධාර කරලා තිබුණේ. ඇමරිකන් ඩොලර් මිලියන 48.6ක්.  අපිට ලැබිච්ච ණයක්. ණය  හැටියට ලෝක බැංකුවට ගෙවිය යුතුව තිබෙනවා. මේ ව්‍යාපෘතියේ යම් යම් අක්‍රමිකතා සිද්ධ වෙලා තියෙනවා.