වගා වැනසුවත් අහිතක් නෑ


ගල්ගමුව රැස්වේහෙර වගා ළිඳකට වැටුණු ඇතින්නක පැය 10ක් පමණ මෙහෙයුමකින් පසු ගොඩ ගෙන කැලයට මුදා හැරීමට මීගලෑව වනජිවි නිලධරයෝ හා ගැමියෝ සමත්වූහ. කිරි බොන වයසේ පැටවකු ඇති මෙම ඇතින්න ගොඩ ගන්නා විට බුරුලෙන් කිරි වෑස්සිනි. මව ළිඳට වැටුණු පසු පැටවා රැළේ සමග කැලයට යන්නට ඇතැයි වනජිවි නිළධරයෝ පවසති. කහල්ල පැල්ලේකැලේ රක්ෂිතයේ සිට රැස්වෙහෙරට දිනකට  40-50 කින් යුතු අලි රංචුවක් එතියි කියති.