වගකීම් නෑ රාජ්‍ය ඇමැතිවරු කල කිරිලා


(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ ඇති ආයතනවල වගකීම් රාජ්‍ය ඇමතිවරුන්ට නොපැවරීමෙන්, රාජ්‍ය ඇමැතිවරුන් වැඩි දෙනකු කලකිරීමට පත්ව සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතැම් ඇමතිවරුන්ට අමාත්‍යාංශ දෙක තුන මෙන්ම ආයතන දහය පහළොව තිබුණද, ඒවායෙන් සුළු ආයතනයක් හෝ දෙකක් හැරෙන්නට රාජ්‍ය ඇමතිවරුන්ට වගකීම් පවරා නැති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ හේතුවෙන් තමන්ට අමාත්‍යාංශවලට ගොස් නිකරුණේ රස්තියාදු වීමට සිදුව ඇති බව රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක්ම සඳහන් කළහ.

අමාත්‍යාංශවල වගකීම් නොපැවරීම හේතුවෙන්,ඇතැම් කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර මත ගැටුම් ද නිර්මාණය වී ඇතැයි දැනගන්නට තිබේ.