වගකීම පැහැර හැරියාට පොලිස් පරීක්ෂක කොළඹට මාරු කරයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සමයං ඇතුළු පිරිස බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීමේ සිද්ධියේදී නිසි පරිදි ආරක්ෂාව නොදුන් බව කියමින් කළුතර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ උතුර කොට්ඨාසයට මාරු කරනු ලැබ ඇත.

පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතා එසේ මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.