වකුගඩු සැත්කම් ඒකකය වසර 5ක්ම වහලා


අනුරාධපුර රෝහලේ වකුගඩු සංකීර්ණයේ ශල්‍යාගාරය වසර පහක් පුරා භාවිතයට ගෙන නැත.

ප්‍රංශ රජයෙන් ලැබුණු උපකරණ එහි සිව් වැනි මහලේ ශල්‍යාකාරයේ ගොඩ ගසා එහි වසර පුරාම වා සැකසුම ක්‍රියාත්මක කර ඇත.

මෙම ඒකකය විවෘත කැරුණේ 2009.03.21 වැනි දාය.

අනුරාධපුර, කුරුණෑගල, වව්නියාව, කිලිනොච්චිය, පුත්තලම වැනි ප්‍රදේශවලින් වකුගඩු රෝගීන් 8000 පමණ ලියාපදිංචි වී ඇත.

වෛද්‍යවරයකු පැවසුවේ රුධිර කාන්දුකරන ප්‍රකිනාරය රෝගීන් 170කට කිරීමට සිදු වී ඇති බවයි.

රෝහලේ වෙනත් ශල්‍යාගාර වල වසරකට සැත්කම් 17ක් පමණ සිදු වේ.

රෝහල් අධ්‍යක්ෂ ඩබ්ලිව් අතපත්තු පවසනුයේ රෝහල් සුළු කාර්ය මණ්ඩලයේ හා සැත්කම් උපකරණ අඩුවක් ඇති බවයි.

එය සම්පූර්ණ කළ විට ශල්‍යාගාරය විවෘත කරන බවද ඔහු කියයි.