අනුරාධපුරයේ අති දුෂ්කර ගමක් වන පළුගස්වැව,වෙහෙරගල පවුල් එකසිය අසුවෙන් පවුල් අසූවකටම පමණ වකුගඩු රෝග ලක්ෂණ ඇතැයි වෙහෙරගල විහාරාධිපති මහරබෑවේ පාලිත හිමියෝ කියති.
ඇතැම් පවුල්වල එවැනි රෝග ලක්ෂණ ඇති දෙතුන් දෙනා ඇතැයි ඒ හිමියෝ කියති.එහෙත් ආර්ථික හා වෙනත් දුෂ්කරතා නිසා බෙහෙත් ගැනීමට පොළොන්නරුවට හෝ අනුරාධපුරයට යෑම බරපතල ගැටළුවකියි ඒ හිමියෝ පවසති.
මේ ගමේ ගොවියන්ගේ වකුගඩු රෝග ගැන හෝ ඔවුන්ට සුදුසු පානීය ජලය සැපයීම ගැන කිසිවකුගේ අවධානය යොමු වී නැතැයි ද තමාට කළ හැකි එකම කාර්ය වනුයේ පිරිත් නූලක් බැඳ ඔවුන්ගේ සිත සතුට කිරීම පමණක් බව පාලිත හිමියෝ කියති.

