ශ්‍රී ලංකාවේ භාවිතයට ගන්නා ආහාර වල කැඩිමියම් ප්‍රතිශතය අධික වීම වකුගඩු රෝගයට බෙහෙවින්ම බලපාන බවද තමා මෙම නිගමනයට පැමිණියේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් කරන ලද පරික්ෂණ වාර්තා නිරික්ෂණය කිරිමෙන් බවද ලන්ඩනයේ පදිංචි ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය කමල් ගම්මන්පිල මහතා කියයි.
ආහාර වල අඩංගු විෂ ද්‍රව්‍ය පිළිබඳව සොයා බැලීමට උනන්දු නොවීම අභාග්‍යයක් බවත් බොහෝ අය සිතනුයේ ජලයේ ඇති විෂ ද්‍රව්‍ය මගින් වකුගඩු අක්‍රීය වන බවයි. එය එසේ නොවන බවත් 90%ක් ආහාර වලින් ද 10% ජලයේ විෂ ද්‍රව්‍ය මගින් සිදුවන බව ඔහු පවසයි.
වැව් ආශ්‍රිතව ඉවත් කරන රොන් මඩෙහි කැඩ්මියම් ප්‍රතිශතය ඉතා අධික බවත් වගා කරන ලද එළවළු සහ සහල් කාලයක් තිස්සේ අනුභව කිරිම වකුගඩු රෝගයට බලපාන බවත් ඔහු සඳහන් කරයි.
(මෙම වාර්තාවට ශීලා ජයසුන්දරගේ නම පළවූයේ ප්‍රමාද දෝෂයකිනි)

