වකුගඩු ජාවාරමක් ගැන ඉන්දියාවේ හින්දු පුවත්පත ඇතුළු එරට පුවත්පත් වලින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකුට එරෙහිව නඩු පවරා ඇතැයි කියන සිද්ධිය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා අද කොළඹ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඔහුගෙන් ප්‍රශ්න ඇසූවේ ටීඑන්එල් මාධ්‍යවේදියා පමණි.
එම ප්‍රශ්නවලට කෙළින් පිළිතුරු නුදුන් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ චෝදනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසයි. එවිට පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් සොයා ගත හැකි බවයි.
එම මාධ්‍යවේදියා වෛද්‍යවරයකුගේ නමක් කොළ කැබැල්ලක ලියා එම වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ නමුත් ඔහු ඊට පිළිතුරු දුන්නේ නැත.
ටීඑන්එල් මාධ්‍යවේදියා දිගින් දිගටම ප්‍රශ්න කරද්දී මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ මඩ නොගසන ලෙසයි.
එහෙත් ටීඑන්එල් මාධ්‍යවේදියා පැහැදිලිවම ඇසුවේ අර වෛද්‍යවරයා වෛද්‍ය සංගමයේ සාමාජිකයකු ද යන්නයි. ඊට පිළිතුරක් නොලැබිණි.



