වර්තමානයේ රටත් ජනතාවත් මහත් ආන්දොලනයකට ලක් කළ වකුගඩු ජාවාරම සහ ලාංකික වෛද්‍යවරයාගේ භූමිකාව පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී (ජ.වි.පෙ) වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ මාධ්‍යයට කරුණු දැක්වීය.
අද වන විට මේ වකුගඩු ජාවාරම් චෝදනාව නිසා අපේ රටත්, අපේ සෞඛ්‍ය සේවයත්, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික වෛද්‍ය ප්‍රජාවත් අපකීර්තියට පත් වී තිබෙනවා.
මෙම අපකීර්තිය ජාත්‍යන්තර තලයට යා නොදී ඉතාමත් කීර්තිමත් දක්ෂ වෛද්‍ය පරපුරක් හිමි ශ්‍රී ලංකාව මෙම චෝදනාවෙන් ගලවා ගැනීමට රජය මෙයට වහාම මැදිහත් විය යුතුයි. ඇති වී තිබෙන චෝදනා පිළිබඳ විමර්ශනය කර වැරදිකරුවන්ට ඉහළම දඬුවම් ලබා දීම නොපමාව ඉටු කළ යුතුයි.
එසේම මෙම ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරුන් හය දෙනා පමණක් නොව මීට අදාල පෞද්ගලික රෝහල් හිමියන්, ව්‍යාපාරිකයන් මෙම සැත්කම් වලට අවසර ලබා දුන් අමාත්‍යංශ නිළධාරීන්, බළධාරීන් සහ දේශපාලන අධිකාරිය මෙන්ම දේශපාලනඥයින් නීතියට හසු කළ යුතු අතර මෙම පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කළ යුතුයි.
මෙම ජාවාරම වෛද්‍යවරුන් හය දෙනාට පමණක් තනිව කළ නොහැකියි.
එසේම 2014 වර්ෂයේ දී මෙවැනිම සිදුවීමක් සිදු වී ඇති අතර එම පරීක්ෂණ යට ගසා ඇත්තේ කාගේ බලපෑමට ද යන්න රට හෙළි කළ යුතුයි.
එසේම මෙහිදී වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම වෘත්තීය නියෝජිතයින්ද මෙම පරීක්ෂණයටසහාය දිය යුතු බවත් එම සහයෝගය රජය නොවළකා ලබා දිය යුතු බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

