ඉන්දියා ජාතිකයන්ගේ වකුගඩු ශ්‍රී ලංකාවේ රෝහල් තුනකදී බද්ධ කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකු හවුල් වී ඇති බවත් ඉන්දියා පොලිසියේ වාර්තාව රහස් පොලිසියට දී ඇති බවත් ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
සුරේෂ් ප්‍රජාපතී නම් පුද්ගලයා ඉන්දියන් ජාතිකයන්ගේ වකුගඩු 60ක් පමණ එකක් ඉන්දියා රුපියල් ලක්ෂ 30කට පමණ විකුණා ඇතැයිද එහෙත් වකුගඩු ප්‍රදානය කළ පුද්ගලයාට දී ඇත්තේ ඉන්දියා රුපියල් ලක්ෂ 5කි. වකුගඩු ලැබූ අයත් පරිත්‍යාග කළ අයත් ඉන්දියා ජාතිකයන් බවත් කී ඇමැතිවරයා ලංකා දොස්තරවරුන්ගේ නම් ඉන්දියා මාධ්‍යයේ පළවී ඇති බවත් කීවේය.
ශ්‍රී ලංකා රහස් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යන බවද ඔහු කීවේය.
වකුගඩු ජාවාරමේ ප්‍රමුඛයා ඔහුගේ නියෝජිතයනට ඉන්දියා රුපියල් ලක්ෂ 445ක් ගෙවා ඇති බවටද තොරතුරු ඇතැයි ඇමැති කීවේය.

