වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බාරයේ සිටින සැකකරුවෙකු වන මොහොමඩ් ඉස්දියාන්ට වසරක සිරදඬුවම් වසර පහකට අත්හිටවු බවත් ඔහුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (2) නියෝග කළේය.
ආගමන විගමන නීති උල්ලංඝණය කිරිම හා මිරිහාන රැඳවුම් බාරයේ සිටිය දී පැන යාමට තැත් කිරිම ඔවුනට එරෙහි චෝදනා වෙති.
මීට පෙර සැකකරුවන් දෙදෙනකු වරද පිළිගෙන දඬුවම් කෙරුණු අතර ඉතිරි දෙදෙනා ද ඉදිරියේ දී වරද පිළිගැනීමට නියම බවත් අධිකරණයේ දී ප්‍රකාශ කෙරිණ.

