උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් සඳහා රුපියල් දහතුන් කෝටියක මුදල් ගෙවා ගනු ලබන බහුකාර්ය ජල පෙරණ 7500 ක් මිල දී ගැනීමේ දී සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ කරුණු විමසීම උතුරු මැද පළාතේ ඇමතිවරුන් වන පළාත් වාරිමාර්ග ඇමති එච්.බී. සේනසිංහ, සෞඛ්‍ය ඇමති කේ.එච්. නන්දසේන, කෘෂිකර්ම ඇමති ආර්.එම්.පී.බී. රත්නායක හා උසස් නිලධරයෝ 14 දෙනකු වංචා හා දූෂණ පිළිබඳ ජනපති කොමිසමට හෙට (17) කැඳවීමට නියමිතය. පරීක්ෂණ මාර්තු 17, 18, 31 යන දින වල පැවැත්වේ.

