වකුගඩු අරමුදලට නාවික හමුදාවෙන් ලක්ෂ 980ක්


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මග පෙන්වීම අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි වකුගඩු අරමුදල වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දිනක වැටුප පිරිනමයි.

නාවික හමුදාවෙන් පමණක් රුපියල් නව කෝටි අසූ ලක්ෂයක් පමණ එකතුවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි මහතා පවසයි.

ජාතික යුතුකමක් සේ සලකා නාවික හමුදාව මෙම පරිත්‍යාගය කළ බව ඔහු කියයි.

නාවික හමුදාවේ සියලු දෙනාට ඒ බව කලින් දැන්වූ බවද ඔහු සඳහන් කරයි. කිසිවකුටත් නොදන්වා පඩිපතින් කිසිම මුදලක් නොකපන බවද ඔහු අවධාරණය කරයි.