නව නීතිපති යටතේ වංචා දූෂණ සම්බන්ධයෙන් කැරෙන පරීක්ෂණ කඩිනම් කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ.
“අප පසුගිය වසරේ ජනවාරි 08 වැනිදාට පසු, ඉකුත් රජය යටතේ සිදු වූ මහා පරිමාණ වංචා දූෂණ සෙවීමට ඒකරාශී වුණා. ඒ සඳහා අවශ්‍ය තොරතුරු පරීක්ෂණ කරන ආයතනවලට සහාය වුණා. අප එහෙම කළේ සාධරණ සමාජයක්, යුක්තිගරුක සමාජයක් නිදහස් හා නීතිගරුක රටක් ගොඩනැගීමටයි.
රාජපක්ෂ පාලනය කාලය ගජමිතුරන් ද කළ වංචා දූෂණ හෙළි කිරීමටත් වැරදිකරුවන් නීතිය හමුවීමට පැමිණවීමත් අපේ අරමුණක් වුණා. දූෂිතයන් රකින දූෂණ කි‍්‍රයාමාර්ගයට මේ ආණ්ඩුව සහය නොදෙයි කියා අපි හිතනවා.”




