වංචා දුෂණ වාර්තාව ජනපතිට


බරපතල වංචා, දුෂණ, රාජ්‍ය  සම්පත් , වරප්‍රසාද , බලය සහ අධිකාරිය අනිසි   ලෙස භාවිත කිරිම සම්බන්ධව විමර්ශනය කිරිම සඳහා  වු  ජනාධිපති   පරික්ෂණ කොමිෂන්   සභාවේ  කටයුතුවල ප්‍රගතිය  දැක්වෙන  මුලික  වාර්තාව ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන  මහතා   වෙත මෙම  සතියේ දී  භාරදිමට නියමිත බව  කොමිසමේ  ලේකම්  ලැසිල් ද සිල්වා මහතා  පැවසීය. කොමිසම පත්කළ පසු  ලබාදෙන ප්‍රථම වාර්තාව මෙයයි.

ලැබී  ඇති  මහජන පැමිණිලි  වල අනුපිළිවෙළ පැමිණිලි හතළිස් පහක්  සම්බන්ධව සිදු  කෙරෙන  විමර්ශන  සම්බන්ධවත්  මෙම  වාර්තාවට   ඇතුළත්  කර  ඇත.

දේශපාලන පදවි  දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයින්  රජයේ  සේවකයින්   සහ  ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි   නිලධාරින්   ලෙස  සේවයේ   නිරතව සිටි   සහ  තවදුරටත් සේවයේ නිරතව  සිටින  පුදගලයින්  සම්බන්ධයෙන්  එම මහජන පැමිණිලි  ලැබි  ඇත.

2010 ජනවාරි   මාසයේ   10 දා   සිට  2015 ජනවාරි   මාසයේ   10 දක්වා   කාලසිමාවේ දී  යථෝක්ත වැරදි   සහ වැරදි  සම්බන්ධව මහජන  පැමිණිලි   භාර   ගැනිම  කොමිසම දිගටම  සිදු  කරයි.