වංචා දුෂණ පැමිණිලි ගලයි


දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත්  දරමින් සිටින පුද්ගලයන් රජයේ  සේවිකාවන්  සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි  නිලධරයන්  වශයෙන්  සේවයේ  නිරතව සිටි  සහ  තවදුරටත්  සේවයේ  නිරතව සිටි  පුද්ගලයන්  සිදුකර   තිබෙන බරපතල වංචා  දුෂණ  විමර්ශණය බරපතල වංචා  දුෂණ  විමර්ශනය  සඳහා  පත්කර තිබෙන ජනාධීපති පරික්ෂණ කොමිෂන් සභාවේ  ප්‍රගතිය දැක්වෙන මුලික වාර්තාව ජනාධිපති ලේකම් පි.බී.අබේකෝන් මහතා  වෙත කොමිසමේ ලේකම්  ලැසිල්  ද සිල්වා  මහතා   ඉකුත් දා   භාර  දෙන ලදි.

මේ වන විට  මහජන පැමිණිලි  පන්සීයක්  පමණ කොමිසම වෙතට ලැබී ඇත. මහජන  පැමිණිලි  විශාල වශයෙන්  ලැබෙමින්  පවතින  බවත්  කොමිසම  සඳහන්  කරයි.