වංචා පැමිණිලි 600 : 40 ක කටඋත්තර ගනී


දේශපාලන පදවි  දැරෑ  හෝ දරන රජයේ  සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සේවකයන්  කර  ඇති බව කියන වංචා දුෂණ සෙවීමේ  ජනාධිපති  විමර්ශන කොමිසම එම පාර්ශවයන්ගෙන්  කටඋත්තර සටහන්  කරගෙන යන බව කොමිසමේ  ලේකම්  ලැසිල්  ද සිල්වා  මහතා    පැවසීය.

මහජන පැමිණිලි  හතළිස් පහක්  සම්බන්ධව එම  පිරිසගෙන්  කටඋත්තර සටහන්  කරගෙන යයි.

“මේ වන විට මහජන පැමිණිලි හයසීයක් පමණ ලැබී  ඇත. පැමිණිලි  ලැබෙන අනුපිලිවෙළ සැලකිල්ලට   ගනිමින්  විභාග කැරෙයි”.