ලෝකාන්තයෙන් ඇද වැටුණු ජර්මන් කතගේ සිරුර සොයාගනී


අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ

ලෝකාන්තය නැරඹීමට පැමිණ ඉන් පහළට ඇද වැටුණු ජර්මන් ජාතික සංචාරක තරුණියකගේ සිරුර ලෝකාන්ත බෑවුමෙන් අඩි තිහක් පමණ පහළ ගසක රැඳී ඇති බව ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මගින් කළ සෝදිසි මෙහෙයුමකදී නිරීක්‍ෂණය කළ බව සමනලවැව පොලිසිය පවසයි.

අනතුරට පත් තරුණිය තවත් සංචාරකයන් පිරිසක් සමඟ අද (11) ලෝකාන්තය නැරඹීමට පැමිණි අවස්ථාවේ පහළ නිරීක්‍ෂණය කරද්දී ඇය පහළට ඇද වැටුණු බවට මුලික තොරතුරු වලදී අනාවරණය වී තිබේ.

සිරුර රැඳී ඇති ප‍්‍රදේශය පට්ටිපොල පොලිස් වසමට අයත් බව පැවසූ සමනලවැව පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.