ලෝක ළමා දිනේ ගුරු පුටු හිස්


ලෝක ළමා දිනය සමරද්දී  දඹුල්ල  පොහොරන්වැව කනිටු විදුහලේ දෙවැනි ශ්‍රේණියේ   ඉගෙනුම ලබන දරුවෝ  මාස දෙකක පමණ  කාලයක් සිට ගුරුවරයකු නොමැති නිසා අධ්‍යාපනයක්  නොමැතිව අසරණ වී සිටිති.

බොහෝ දරුවෝ පාසට පැමිණිමට පවා මැලි කමක් දක්වති.

ලෝක ළමා  සැමරුම්  දිනයේදීද  මෙම දරුවන් හුදකලා වී  තැන තැන සෙල්ලම්  කරති. වරින් වර  දෙමාපියන් පැමිණ  ගුරුවරයෙක් නොමැති පන්තිය බලා ගන්නා  අයුරු ද දැකගැනීමට  හැකි විය.

ගලේවෙල කළාප කාර්යාලයයෙන්  දෙමාපියන්ට දැනුම් දී ඇත්තේ  මැතිවරණයෙන් පසු ගුරුවරියක් එවන බවයි.

 එහෙත් එම ඉල්ලීට ඉටු වී නැත.මේ පිළිබඳව විදුහල්පති  ඩබ්ලිව් ජී එස් වීරසුරිය මහතා ද අසරණ වී සිටිති.

ගලේවෙල කළාප අධ්‍යාපන  කාර්යාලයයෙන් විමසීමේදී  නියෝජ්‍යය අධ්‍යාපන අධ්‍යක්ෂවරිය  කියා සිටියේ  වෙනත් පාසලක ගුරුවරියක්  මෙම පාසලට අනියුක්ත කිරීමක් කර ඇති බවයි.එහෙත් එවැනි අනියුක්ත කිරීමක් පිළිබඳව දැකගැනීමට නොහැකි විය.