ලෝක ශූර එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පෙරළිකාර ජයක් ලබති


කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල මුම්බායිහිදී ඊයේ (01) සහභාගි වූ පළමු තරගයේදී ආසන්නතම ලෝක ශූරියන් වන ප‍්‍රබල එංගලන්ත පිල පරාජය කරමින් කඩුලූ 1 ක තියුණු ජයක් ලැබීමට සමත් විය.

ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 239 ක ජයග‍්‍රාහි ඉලක්කය කඩුලූ 9 ක් දැවී අවසන් පන්දුවේදී සම්පූර්ණ කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිලට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණක් අවශ්‍ය වූ අතර ඩිලාන් මනෝදර හයේ පහරකින් තරගය අවසන් කිරීමට සමත් වූවාය.

47 වැනි  ඕවරය අවසන් වන විට ශ්‍රී ලංකා පිලට පන්දු 18 කදී ලකුණු 29 ක් රැුස්කිරීමට සිදුවූ අතර 48 වැනි  ඕවරයේ ලොක-සූරියගේ හතරේ පහර දෙක සහ දීපිකා රසාංගිකාගේ හතරේ පහරත් සමගින් ලකුණු 16 ක් එකතු වීමෙන් ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නැංවිණි.

49  ඕවරයෙන් ලකුණු 4 ක් පමණක් ලැබීම නිසා අවසන්  ඕවරයේදී ලකුණු 9 ක් රැස්කිරීමට සිදුවිය. ලොකුසූරිය අවසන්  ඕවරයේ දෙවැනි පන්දුවට ගැසූ හයේ පහරත් සමග ශ්‍රී ලංකාව ඉතිහාසගත ජයග‍්‍රහණයට සමීප විය.   

මෙම ලකුණු 244 ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල හඹාගොස් ජය ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර ශ්‍රී ලංකා පිල 2011 වසරේ බංග්ලාදේශයේ පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලකුණු 197 ක් හඹාගොස් ජය ලබා තිබුණි.

ශ්‍රී ලංකාව 1997 වසරේ සිට වසර 16 ක කාලයක් එංගලන්තය සමග තරග කර ඇති අතර මෙම ජයග‍්‍රහණය දක්වා ජය ලැබීමට සමත්ව නොසිටියේය.

ඒෂානි ලොකුසූරිය ජයග‍්‍රහණය දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 41 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 56 ක් රැුස්කරමින් ශ්‍රී ලංකාවෙන් ගිලිහියමින් තිබූ ජයග‍්‍රහණය නතුකර ගැනීමට වූවාය. එහිදී ලොකුසූරිය ප‍්‍රබල එංගලන්ත පන්දුයවන්නියන් අසරණ කරමින් ක‍්‍රීඩාංගණය පුරා පන්දුව ඇදීයෑමට සලස්වමින් සිය දෙවැනි අර්ධ ශතකය රැස්කළාය.

ශ්‍රී ලංකා ජයග‍්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් දමමින් චමරි අතපත්තු (62) සහ යශෝධා මෙන්ඩිස් (46) ලකුණු 103 ක වාර්තාගත ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. 

චමරි අතපත්තු පන්දු 72 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 62 ක් රැස්කළාය. ශ්‍රී ලංකාවේ එකම එක්දින ශතක ලාභිනිය වන චමරි අතපත්තුගේ තෙවැනි අර්ධ ශතකය මෙය වේ. යශෝධා මෙන්ඩිස් අනගි සහයක් ලබා දෙමින් පන්දු 90 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 46 ක් රැස් කළාය.

ශෂිකලා සිරිවර්ධන පන්දු 45 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 34 ක් රැස්කළාය.   ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට එංගන්ත පිලට ආරාධනා කළාය. ශ්‍රී ලංකා පන්දුයවන්නියෝ එංගලන්ත ප‍්‍රබල පිතිකාරියන් තිදෙනකු ලකුණු 29 ක් තුළ පිටියෙන් ඉවත්කිරීමෙන් ඉනිම අඩපණ විය.
එංගලන්ත පිතිකාරියෝ අවසන්  ඕවර කීපයේදී වේගවත්ව ලකුණු රැස්කිරීම නිසා ලකුණු 238 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය.

ඒෂානි ලොකුසූරිය, චමනි සෙනෙවිරත්න සහ ශෂිකලා සිරිවර්ධන කඩුලූ දෙක බැගින් දවාගැනීමට සමත් වූහ.

ජයග‍්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධ පැවසුවේ මෙම ජයග‍්‍රහණය සිහිනයක් සැබෑවීමක් ලෙස තමන්ට දැනෙන බවයි. 

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය හෙට (03) බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වේ.

ලකුණු පුවරුව
එංගලන්ත කාන්තා ක‍්‍රිකට් පිල
චාලට් එඞ්වඞ්ස්  ප. ලොකුසූරිය     9
ඩැනියල් වේට්  ක. මූ. කළා ප. සෙනෙවිරත්න     15
ඇරන් බි‍්‍රන්ඞ්ල්  දුවද්දී දැවී ගියා     31
ලූඩියා ග‍්‍රීන්වේ   ක. මූ. කළා ප. සෙනෙවිරත්න     2
හීතර් නයිට්  ප. දොළවත්ත     38
ජෙනී ගන්   ඇ. මනෝදර ප. ලොකුසූරිය     52
අමී ජෝන්ස්   ප. සිරිවර්ධන     41
කැතරින් බ‍්‍රන්ට්  ඇ. මෙන්ඩිස් ප. සිරිවර්ධන     12
ඩැනියල් හසෙල්  නොදැවී     19
හොලී කොල්වින්   නොදැවී     4
අතිරේක      15
එකතුව  ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී     238
පන්දුවට පහර නොදුන් පිතිකාරිනිය: ජෝර්ජියා එල්විස්
කඩුලූ වැටීම:
1-22(එඞ්වඞ්ස්), 2-26(වේට්), 3-29(ග‍්‍රීන්වේ), 4-93(බි‍්‍රන්ඞ්ල්), 5-114(නයිට්), 6-197(ගන්) 7-203(ජොන්ස්), 8-223(බ‍්‍රන්ට්)
ඒෂානි ලොකුසූරිය: 9.1.49.2, ශ්‍රීපාලි වීරක්කොඩි 4.0.20.0, චමනි සෙනෙවිරත්න: 8.0.35.2, ෂෙරීනා රවිකුමාර්: 9.0.35.0, ශෂිකලා සිරිවර්ධන: 10.0.62.2, සඳමාලි දොළවත්ත: 10.0.34.1

ශ්‍රී ලංකා කාන්තා පිල
චමරි අතපත්තු  ඇ. හසෙල් ප. බි‍්‍රන්ඞ්ල්     62
යශෝධා මෙන්ඩිස්  ඇ. කොල්වින් ප. බ‍්‍රන්ට්    46
ශෂිකලා සිරිවර්ධන  ඇ. ග‍්‍රීන්වේ ප. එල්විස්     34
ප‍්‍රසාදිනී වීරක්කොඩි  ප. එල්විස්     1
සඳමාලි දොළවත්ත  ඇ. ග‍්‍රීන්වේ ප. ගන්     4
ඒෂානි ලොකුසූරිය  දුවද්දී දැවී ගියා    56
චමනි සෙනෙවිරත්න  ප. ගන්     14
ශ්‍රීපාලි වීරක්කොඩි  ඇ. ජෝන්ස් ප. බි‍්‍රන්ඞ්ල්     0
දීපිකා රසාංගිකා  ඇ. එල්විස් ප. හසෙල්     9
ඩිලානි මනෝදර  නොදැවී     8
ෂෙරීනා රවිකුමාර්  නොදැවී     0
අතිරේක     10
එකතුව  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී     244
කඩුලූ වැටීම:
1-103(අතපත්තු), 2-142(මෙන්ඩිස්), 3-145(ප‍්‍රසාදිනී), 4-153(ශෂිකලා), 5-157(දොළවත්ත), 6-197(සෙනෙවිරත්න), 7-206(ශ්‍රීපාලි), 8-229(රසාංගිකා), 9-238(ලොකුසූරිය)
පන්දු යැවීම:
කැතරින් බ‍්‍රන්ට්: 10.0.36.2, ජෝර්ජියා එල්විස්: 7.0.39.2, ඩැනියල් හසෙල්: 9.0.44.1, කොලි කොල්වින්: 8.0.47.0, ඇරන් බි‍්‍රන්ඞ්ල්: 9.0.38.2, ජෙනී ගන්: 5.0.32.1, ඩැනියල් වේට්: 2.0.8.0

තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව: ඒෂානි ලොකුසූරිය