(යොහාන් භාසුර)
දේශපාලන බලපෑම් එල්ල වන්නේ යැයි චෝදනාවට මේ වන විට තහනමට ලක්ව තිබෙන ශ්‍රී ලංකා රග්බි අනාගය පිළිබඳව සාකච්ඡා කිරීමට ලෝක රග්බි සංගමයේ නියෝජිතයන් පිරිසක් ලබන මස 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
එහිදී ලෝක රග්බි සංගමයේ නිලධාරීන් රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් හිටපු නිලධාරී මණ්ඩල, ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය අප්‍රේල් මස 11 වැනිදා ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීමෙන් පසුව ලෝක රග්බි සංගමය ශ්‍රී ලංකා රග්බි තහනම් කිරීමට පියවර ගත්තේය.

