රුසියාවේ මොස්කව් නුවරදී ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත ලෝක ශූරතා මලල ක‍්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කඩුලූ පැන දිවීමේ ශූරීයක වන සොනාලි කි‍්‍රස්ටීන් මෙරිල් සමත්ව සිටින්නීය. මොස්කව් ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාව බවට ද සොනාලි පත්වූවාය.
ඇමරිකාවේ පදිංචි සොනාලි, ෆ්ලොරිඩා ප‍්‍රාන්ත මලල ක‍්‍රීඩා තරගාවලියේදී මීටර 400 කාන්තා කඩුලූ පැන දිවීමේ ඉසව්ව තත්පර 56.45 කින් නිම කරමින් දෙවැනි ස්ථානයට පත්වීමත් සමගම ‘බී’ ශ්‍රේණියෙන් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගත්තාය.
‘බී’ ශ්‍රේණියෙන් ලෝක ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම තත්පර 56.55 කි.
ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසුවේ පූනේහිදී ලබන ජූලි මස පැවැත්වෙන ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියට ද සොනාලි සහභාගි වීමට සූදානමින් සිටින බවයි.