
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ කෘෂී ආර්ථිකයට නැවත නඟා සිටුවීමට මූල්‍ය සම්පත් දීමට සූදානම් වුවද එම මුදල් පිළිබඳ විගණනක කටයතු ශ්‍රී ලංකාවේ ආයතනයකට භාරනොදෙන්නේ යැයි ලෝක බැංකු ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ශ්‍රී ලංකාවට අවමානයක් බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
මුදල් නියම ආකාරයට පාවිච්චි කරන්නේද යන්න සහ එම මුදල් පිළිබඳ නියම ආකාරයට විගණනයන් කරන්නේ ද යන්න පිළිබඳව ලෝක බැංකුවට විහ්වාසයක් නොමැති බව එම ප්‍රකාශයෙන් පැහැදිළි වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඒ හේතුවෙන් ලෝක බැංකු සෘජුව විගණනය කරන්නේ යැයි බොහොම පැහැදිළි බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මේ ආකාරය දැවැන්ත ආර්ථික අර්බුදයකට වැටීමට හේතුව ශ්‍රී ලංකාවේ ඇති දැවැන්ත දූෂණය බව ජාතයන්තර මූල්‍ය අරමුදල පවසා ඇතැයි ද පීරිස් මහතා වැඩි දුරටත් කීය.

