ලෝක බැංකුවෙන් බිලියන 14ක ණයක්


ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණයට ඇමෙරිකා ඩොලර් මිලියන 100ක (රුපියල් මිලියන 14500) ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කර ඇතැයි වාර්තා වේ. 

මෙරට ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මෙම ණය මුදල ලබාදෙන බවත් පසුගිය කාලයේදී  ශ්‍රී ලංකාව වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් ලෝක බැංකුව පවසයි.