
(අංජුල මහික වීරරත්න)
ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකා උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
උපාය මාර්ගික ප්‍රමුඛතා සහ වැඩසටහන් ඇතුළත්ව 2023-2027 කාලසීමාවට අදාළ වන පරිදි වසර 4 ක කාලයකට ප්‍රධාන සැලසුම් මෙවලමක් වශයෙන් ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකා උපායමාර්ගික සැලැස්ම සකස් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාව සඳහා වන එම සැලැස්ම යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 74.87 ක ප්‍රතිපාදන වෙන්ව තිබේ. එම උපාය මාර්ගය විධිමත් හා අන්‍යෝන්‍ය එකඟතාවකින් යුක්තව දෙපාර්ශ්වය අතර අවබෝධතා ලිපියක් අත්සන් කිරීමෙන් ක්‍රියාත්මක වේ.
ඒ අනුව, එම උපායමාර්ගික සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අතර අවබෝධතා ලිපියට අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

