ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා (16) ස්විට්සර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතය.
ජනවාරි 17 සිට 21 දක්වා ස්විට්සර්ලන්තයේ ඩෙවොස් නගරයේ දී ලෝක ආර්ථික සමුළුව පැවැත්වේ. ඒ සඳහා රටවල් 40කට අධික ප්‍රමාණයක නායකයෝ එක්වෙති. අගමැතිවරයා ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින් හා ජාත්‍යන්තර ව්‍යවසායකයින් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතය. අගමැතිවරයා සමග මුදල් ඇමැති රවී කරුණානායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම හා විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ටද මේ සඳහා ආරාධනා ලැබී ඇත.

