ලොව ප්‍රකට විකට රංගන ශිල්පියෙකු වන කැනේඩියානු ජාතික රසල් පීටර්ස් මහතා අද අළුයම දිවයිනට පැමිණියේය.
ඔහු විකට ප්‍රසංග පවත්වමින් ලොව වටා යන චාරිකාවේදි බැංගලොරයට පැමිණිමෙන් අනතුරුව මෙරට ප්‍රෙක්ෂකයින් සිනහවෙන් රස ගැන්වීමේ අරමුණින් මෙහි පැමිණ ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේදී නතාෂා කැස්ටෙලීනෝ මෙනවිය විසින් මෙරටට පැමිණි රසල් පීටර්ස් මහතාව ඉතා උනුසුම් අන්දමින් පිළිගත්තාය.
දින තුනක් මෙරට රැදී සිටින රසල් පීටර්ස් මහතා හෙට ඉරිදා සවස අටට කොළඹ ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීමට නියමිතය.
මේ වන විට චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් රැසකට දායක වී ප්‍රේක්ෂකයින් සිනහවෙන් කුල්මත් කර ඇති ඔහු ජාත්‍යන්තර සම්මාන රැසකටද හිමිකම් කියයි.
මෙම අවස්ථාවට ඊ.එල් 89 ස්ටීඩියෝ ආයතනයේ අධ්‍යක්ෂක ශමල් රාජපක්ෂ ඒ.කේ.සී ඉවෙන්ටිස් ආයතනයේ අධ්‍යක්ෂක ශාන් හසන් සහ විශ් ක්‍රාප්ට් හරේෂ් හයිඩ්‍රාමනී යන මහත්වරුන් සහභාගී වූහ.