ලොහාන් මම වඩා ගත්තු දරුවෙක්




(සුජිත් හේවාජුලිගේ)

ලොහාන් රත්වත්තේ මා  කුඩා කල වඩා ගත් දරුවකු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

හැත්තෑ ගණන් වලදී අනුරුද්ධ රත්වත්තේ මහතා සහභාගි වූ රැස්වීමකදී  ඔහුට එම රැස්වීම ඇමතීම සඳහා අවස්ථාව සලසා දීමට  තමා ලොහාන්   වඩා ගත් බව තමාට අද වගේ මතක යැයිද  
කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ලොහාන් රත්වත්තේ  මහතාගේ වියෝව ගැන දැඩි ලෙස  කනගාටුවන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය