ලොව සෞභාග්‍යමත්ම රට නෝර්වේ


ලන්ඩනයේ ලෙගටම් ආයතනය මගින් කළ සීමීක්ෂණයකට අනුව ලෝකයේ සෞභ්‍යාග්‍යමත් රටවල් අතර 60 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

එම දර්ශකය අනුව දකුණු ආසියාවේ සෞභාග්‍යමත්ම රටවල් අතර මුල් තැනට පත්ව ඇත්තේ ද ශ්‍රී ලංකාවයි.

ලෝකයේ සෞභාග්‍යමත්ම රට ලෙස නෝර්වේ රාජ්‍ය පළමු වැනි තැන ලබා සිටින බව එම සමීක්ෂණ වාර්තාව කියයි. පසුගිය වසර හතරේ ද එම දර්ශකයේ මුල් තැන ගැනීමට නෝර්වේ රාජ්‍ය සමත් විය.

 ස්විස්ටර්ලන්තය සහ කැනඩාව පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි තැනට පත්ව ඇත.

චීනය 51 වැනි ස්ථානයද, නේපාලය 102වැනි ස්ථානය ද ඉන්දියාව 106 වැනි ස්ථානය ද හිමි කරගෙන ඇත.

(ඉකොනොමික් ටයිම්ස් ඇසුරිනි)