ලෝක සමීක්ෂණ ආයතනයක් පසුගිය සතියේ කරන ලද සමීක්ෂණයකට අනුව දැනට ජීවතුන් අතර සිටින අය අතුරෙන් ලෝකයේ වැඩිම ජනතාවකගේ සිත් දිනාගත් පුද්ගලයා වශයෙන් මයික්‍රොසොෆ්ඩ් නිර්මාතෘ බිල්ගේට්ස් පත්ව තිබේ දෙවැනි ස්ථානයට ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමාත් තොවන ස්ථානයට රුසියා ජනාධිපති පුටීනුත් සිව් වන ස්ථානයට පාප්වහන්සේත් පත්ව සිටිති.
ඇමෙරිකාවේ දී පමණක් ජනාධිපති ඔබාමාට වඩා දෙගුණයක් මනාප ලබා පාප් වහන්සේ ප‍්‍රථම ස්ථානයට පත්ව ඇති අතර චීනයේදී චීන නායකයාට වඩා දෙගුණයක් මනාප ලබා බිල් ගේට්ස් පළමුවැන ස්ථානයට පත්ව සිටිති.
ටයිම්ස් පුවත්පත් ආයතනයට සම්බන්ධ සමීක්ෂණ ආයතනයක් රටවල් 13 ක 14 000 ක් උපයෝගී කරගෙන මෙම සමීක්ෂණය පවත්වා ඇති අතර මෙම සමීක්ෂණය මසකට කලින් කළා නම් ලොව වැඩිම ජනතාවකගේ සිත් දිනා ගත් පුද්ගලයා ලෙස නෙල්සන් මැන්ඩේලා පත්වන්නට ඉඩ තිබූ බවද එම ආයතනය කියයි

