ධර්ම චක්‍ර මුද්‍රව නිරූපණය කෙරෙන ලොව විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම මෙරට විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වන මානෙල්වත්තේ ඉදිවූ ධර්මචක්‍ර ප්‍රවර්තන තිලෝකශාන්ති බුද්ධ ප්‍රතිමාවහන්සේ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද (18) නිරාවරණය කරනු ලැබිණ.
අඩි 40 ක් උසැති, ටොන් 20 ක් බරැති මේ ප්‍රතිමා වහන්සේ පස්ලෝවලින් ඉදිකර රන් ආලේප කරනු ලැබ ඇත. ප්‍රතිමා වහන්සේ තැන්පත් කර ඇත්තේ ද අඩි 60 ක් උසැති පස් මහල් සදහම් පායක් මතය. මේ අනුව අඩි සියයකට වඩා ඉහළින් පිහිටි හෙයින් ප්‍රතිමා වහන්සේ කැලණි ගං මිටියාවත පුරා සෑම අතකටම දිස්වේ.
මානෙල්වත්ත ඉඩම ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා සහ එලිනා ජයවර්ධන මහත්මියට අයත්ව තිබූ දේපොළක් වන අතර 1962 ජනවාරි 20 වැනි දා මානෙල්වතු විහාරයට පුජා කොට තිබේ. පසු කාලීනව මානෙල්වතු මහ විහාරයේ නාහිමියන් ලෙස වැඩ සිටි කන්ඩක්කුලමේ ධම්මකිත්ති හිමියන්ගේ ඇරයුමින් 2002 වසරේ මානෙල්වතු විහාරයට වැඩම වූ බෝදාගම චන්දිම හිමියන් විසින් විහාර සංවර්ධනය කළහ.
මේ වන විට මානෙල්වතු විහාරය අධ්‍යපන විද්‍යාපීඨයකින්, බුද්ධශ්‍රාවක අධ්‍යපන පුහුණු ආයතනයකින් සහ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය ඇතුලු අංග රැසකින් සමන්විතය.









