ලොව මහ හෝටල් ලංකාවේ


ඇමරිකා ඩොලර් මිලියන 133 ක ආයෝජනයකින් නව හෝටල් ව්‍යාපෘති 7 ක් සඳහා මුලපිරෙන බව ශ්‍රි  ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.

මෙලෙස ඇරඹෙන නව හෝටල් සමර් සීසන්, සොෆියා කලම්බු , ද ගෝල්ඩන් ක්‍රවුන් හොටෙල්, ගෝල් හෙරිටේජ් ලංකා, මැරීන් ඩ්‍රයිව් හොටෙල්, මැනේජ්මන්ට් ඇන්ඩ් ඉන්වෙස්මන්ට් කොම්බයින් සහ හරිහෙල පතන යන සමාගම් යටතේ ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කර ඇති අතර ඒවා ඉදිරි වසර කිහිපයේ දී ඉදිකිරීමට නියමිතය.

මෙමගින් 950 කුට අධික සෘජු රැකියා සංඛ්‍යාවක් උත්පාදනය වන බව ඇස්තමේන්තු කර තිබේ.

යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රි ලංකාව තුළ ඇති වී තිබෙන සංචාරක ව්‍යාපාරයේ පිබිදීම හමුවේ ෂැන්ග්‍රිලා, ෂෙරටන්,මැරයිට්,ගාන්ට් හැට්, මුවන්පික් හා ඔනික් වැනි ලොව ප්‍රමුඛ පෙළේ හෝටල් සමාගම් මෙරට දැවැන්ත ව්‍යාපෘති සඳහා ආයෝජනයට පියවර ගැනීම නිසා කර්මාන්තය තුළ ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවී ඇති බව ආයෝජන මණ්ඩලය කියා සිටියි.