
(විමුක්ති එස් රුද්‍රිගු)
ගීත නිෂ්පාදන සමාගමක් සමඟ ගිවිසුමකට එළඹී ලොව ප්‍රථම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු චරිතය වීමට නුනූරි නම් පොප් තරුව සමත් වී ඇත.නුනූරි සැබෑ ලෝකයේ ජීවත්වන පුද්ගලයෙකු නොවන අතර ඇය පරිගණක ලෝකය තුළ ජීවත්වන අතත්‍ය චරිතයකි.
ලෝක ප්‍රසිද්ධ ගීත නිෂ්පාදන සාමගමක් වන වෝර්නර් මියුසික් සමාගම නුනූරි සමඟ ඇය පෙනී සිටින ගීත නිෂ්පාදනය කිරීම සඳහා ගිවිසුම්ගත වී ඇති අතර එය ගීත නිෂ්පාදන සමාගමක් පරිගණක ලෝකයේ ජීවත් චරිතයක් සමඟ ගිවිසුම්ගත වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.
නුනූරි සමඟ වෝර්නර් මියුසික් සමාගම ගිවිසුම්ගත වීමෙන් අනතුරව ප්‍රථම නිර්මාණය ලෙස ඩොමිනෝස් ගීතය පසුගියදා එළිදැක්වුවේය.එම ගීතයේදී නුනූරිට කිම් කර්ඩෑෂියන්ගේ විලාසිතා එකතුවේ තිබෙන නාන ඇඳුමක් අන්දවා තිබීම පිළිබඳ සමාජ මාධ්‍ය පරිශීලකයන් විවේචන රැසක් එල්ල කර තිබේ.නුනූරි 2018 වසරේ නිර්මාණය කරන ලද මෙටාවර්ස් (පරිගණක ලෝකය තුළ ජීවත්වන)චරිතයක් වන අතර මෙටාවර්ස් තුළ ඇයගේ වයස අවුරුදු 19 කි.නමුත් නුනූරිට තිබෙන්නේ වයස අවුරුදු 12 ක ශරීරයකි.නුනූරිගේ නිර්මාණකරුවා වන්නේ ජර්මානු ජාතික ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ජෝර්ග් සූබර්ය.නුනූරි පෙනී සිටින මෙම ගීතය මේ වන විට 75000 ක පිරිසක් නරඹා ඇත.
https://www.youtube.com/watch?

