ලොව කුඩාම ගෙම්බෙකු ලංකාවේ
ලොව කුඩාම ගෙඹි විශේෂයක් වසර සියයකට පසු ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබේ. සත්ත්ව විද්‍යා පර්යේෂකයන් වන මාධව මීගස්කුඹුර මහතා සහ එම්.එම්.බාහීර් මහතා අග්‍රා බෝපත් වන ප්‍රෙද්ශයේ කරන ලද සංචාරයකදී මේ ගෙම්බා හමුවී ඇත්තේ 2005 වර්ෂයේදීය.
නව විශේෂයක් විය හැකියැයි සිතා පර්යේෂණ කරද්දී එය වසර සියයක පමණ පෙර ඉන්දීය ජාතික එන්.ආනන්දයන් නමැති සත්ත්ව විද්‍යාඥයා විසින් 1911 දී පට්ටිපොලදී සොයාගත් සෙඩොපිලෝටස් සෙමිරූබර් Pseudophilautus semiruber බව තහවුරු වී ඇත. හොදින් වැඩුණුවිට මිලිමීටර 15 ක් තරම් වූ කුඩා සිරුරකට හිමිකම් කියන මේ ගෙම්බා ගැන පර්යේෂණ කළ මාධව මීගස්කුඹුර මහතා, කැළුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා, ගයාන් බෝවත්ත මහතා සහ සුයාමා මීගස්කුඹුර මහත්මිය විසින් මේ ගෙම්බා පිළිබද කරන ලද පර්යේෂණ වාර්තාව ජාත්‍යන්තර සූ සැක්ටා සගරාවේ පළකැර තිබේ. මෙතෙක් ජාත්‍යන්තර රතු දත්ත පොතට අනුව තොරතුරු වාර්තා නොමැති සත්ත්ව විශේෂයක් ලෙස හැදින්වූ මේ ගෙඹි විශේෂය නැවත සොයාගැනීම හේතුවෙන් ඔවුන් දැඩි අන්තරායකාරී සත්ත්ව විශේෂයක් ලෙස පිළිගැනෙනු ඇත.
වැඩි තෙතමනයක් සහිත දිරායන කොළරොඩු අතර ජීවත්වන මේ ගෙම්බාගේ විශේෂත්වය වන්නේ සෘජුව පැටවුන් බිහිකිරීමයි. මඩ සහිත පරිසරයක බිත්තර දෙක තුනක් දමන මේ ගෙම්බාගේ ඉස්ගෙඩි අවස්ථාව ද බිත්තරයේම ගතකිරීම විශේෂත්වයකි.
ලොව ගෙඹි විශේෂ 5000 ක් පමණ සොයාගෙන ඇති අතර මෙවැනි කුඩාම ගෙඹි විශේෂ වාර්තාවන්නේ 46 ක් පමණි. මෙම ගෙම්බා ඇතුළුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ලොව කුඩාම ගෙම්බන් ගණන තුනකි.

