(ප්‍රේමතිලක පෙරමුණ )
පැලවත්ත තිනියාවල මාර්ගයේ 6 කණුව වංගුවේ දී අද (23) පස්වරුවේ ලොරියක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් එහි ගමන්ගත් එකම පවුලේ සිව් දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
තුවාල ලැබූ අය අතර එකම පවුලේ මව, පියා වයස අවුරුදු 7 ක පමණ කුඩා දියණියක් සහ වයස අවුරුදු තුනක පුතකු වන බව තිනියාවල පොලිසිය පවසයි.