ලොරිය දුම්රියේ හැපේ


මඟුල් ගෙදරට බුලත් දීමට යද්දී හලාවත කොළඹ දුම්රිය පාරේ ඉදිගොඩවෙල සිරප්පන්කුලිය දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරියක් දුම්රියේ හැපීමෙන් එහි ආ හත් දෙනෙක් දිවි බේරා ගත්හ.
ලොරිය දුම්රියේ හැපෙන්නට පෙර ඔවුහු එළියට පැන ගත්හ. රියැදුරු සහ තරුණියෝ හය දෙනෙක් එහි වූහ.