(ජේ.කේ.එල් චාමින්ද සහ දීපාල් ද සිල්වා )
ගාල්ල කොළඹ දුම්රිය මාර්ගයේ හික්කඩුව වවුලගොඩ දුම්රිය හරස් මාර්ගයේ දි අද (04) පස්වරුවේ මාතර සිට නුවර බලා ධාවනය වෙමින් තිබු දුම්රියේ ලොරි රථයක් ගැටිමෙන් ලොරි රථයේ රියදුරු හා සහායකයා බරපතල තුවාල රෝහල් ගතකොට ඇති බැව් හික්කඩුව පොලිසිය කියයි.
දුම්රිය මාතර සිට නුවර බලා ධාවනය වෙමින් තිබි ඇත.
පෞද්ගලික ආයුර්වේද සමාගමකට අයත් ලොරි රථයක් දුම්රියේ ගැටි ඇති බව හික්කඩුව පොලිසිය කියයි. මෙම ලොරි රථයේ ආයුර්වේද බෙහෙත් ඇතුළු උපකරණ තිබු බවද පොලිසිය කියයි.
මෙහි දුම්රිය සංඥා පද්ධතියක් ක්‍රියාත්මක වෙමින් තිබෙන ස්ථානයක් බවද පොලිසිය පවසයි. හික්කඩුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් පවතින බවද දුම්රිය ආරංචි මාර්ග පවසයි.
ඡායාරූප - දිපාල් ද සිල්වා



