ලොරි රියදුරු පැය 72 ක් රදවා ප්‍රශ්න කරන්න නියෝග


(කේ. බුද්ධික කුමාරසිරි)

දේශීය අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සහ ලොරි රථයක් පැහැර ගැනීම යන චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කල සැකකරුවකු පැය 72 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම කඩුවෙල පොලිසිය කල ඉල්ලීමකට අනුව ඊට අවසර ලබා දීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද (01) දින අවසර ලබා දුන්නේය.

මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ කොත්කඔුර වත්ත පාර ගෝනවල කැලණිය ලිපිනයේ පදිංචි මොහොමඩි මුජාහිත් මිස්කින් නැමැති 25 හැවිරිදි  පුද්ගලයෙකි.

සැකකරු විසින් වත්තල මහාභාගේ ප්‍රදේශයේ ආපනශාලාවක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයක් පැහැරගෙන යාමේදී පොලිසිය විසින් වෙඩි තබා අදාල ලොරි රථය නවතා දමා සැකකරු අත් අඩංගුවට ගෙන තිබූ අතර එලෙස අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී දේශීය නිෂ්පාදනය කළ අත් බෝම්බයක් හමුවූ බවද පොලිසිය මෙහිදී අධිකරණය ඉදිරියෙහි කරුණු අනාවරණය කරන ලදී

මේ අනුව සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප්‍රශ්න කිරීමටත් සැකකරු වෙනත් පැහැර ගැනීම් සොරකම් ආදී කාරණා ආදියෙන් සම්බන්ධකම් පවතීද යන්න වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවද මෙහිදී කරුණු අනාවරණය විය

කඩුවේල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී