
(පී ශාන්ත බණ්ඩාර සහ මාවනැල්ල බණ්ඩාර ජයරත්න)
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ අන්නාසිගලදී අද උදෑසන 7.45 පමණ කොළඹ දෙස සිට ධවනයවූ ලොරි රථයක් හා මහනුවර දෙස සිට ධාවනයේ යෙදුණ මෝටර් රථයක් මුහුණට මුණලා ගැටිමේන් මොටර් රථයේ ගමන්කළ තිදෙනකු තුවාල ලබා කෑගල්ල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කෑගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය.
බරපතළ තුවාල ලබා කෑගල්ල ශීක්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් පසුවන්නේ මහනුවර සිට ධාවනය වූ මෝටර් රථයේ පැමිණි බව කියන කෝට්ටේ ප්‍රදේශයේ පදිංච් මව,පියා සහ දුව ඇතුළු තිදෙනකු බවද පොලිසිය පැවසීය.
ස.තො.ස භාන්ඩ ප්‍රවාහනය කිරිම සඳහා යොදාගෙන තිබූ ලොරි රථයක් කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබියදී පාලනය කරගැනීමට නොහැකි විමෙන් ප්‍රථිවිරුද්ද මන්තිරුවේ කොළඹ දෙසට දාවනය වූ මෝටර් රථයේ ගැට් එහි දොරක් ගැලවි ගොස් මෝටර් රථයටද බරපතල හානි සිදුවි ඇති බවද පොලිසිය පැවසීය.
අනතුරට පත් ලොරි රථයේ රියදුරු සහ රිය සහායක කෑගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.
කෑගල්ල මූලස්ථාන පොපොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන පවත්වති .

