අයාලේ යන බල්ලන්ගෙන් හොරණ නගරයේ පාසල් පන්සල් ආදියට පමණක් නොව රෝහලට ද ප්‍රශ්නයක් වී ඇත. හොරණ රෝහලේ කොරිඩෝවේ ඇඳක් යට ලෝම හැළුණු බල්ලෙක් සිටි. මේ බල්ලා එම ස්ථානය සිය වාසස්ථානය කරගෙන ඇති බව එහි යන එන අය කියති. අක්කර 15ක් පමණ ප්‍රදේශයක විහිදී ඇති රෝහල වටේටම තාප්ප වැනි ආරක්ෂක වැටක් නොමැතිවීම නිසා අයාලේ යන සතුන්ගේ ආක්‍රමණය වළක්වා ගැනීම අපහසු වී ඇත.

